කොටස් වෙ‍‍ළඳපොළේ දැවැන්ත කඩා වැටීමක්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත කඩා වැටීමක් අද (02) දිනයේ දී වාර්තා වෙනවා.

අද දිනට ගනුදෙනු අවසන් කරන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 271.75 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 103.42 කින් පහළ ගොස් තිබු‍‍‍ බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව එය පි‍ළිවෙ‍ළින් එම දර්ශකවල සියයට 3.03% ක හා 3.95% ක පහළ යාමක් බව සඳහන්.

දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,711.46 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,514.37 ක් ලෙසින් සටහන්ව තිබෙනවා.

සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ 11 වෙනි දිනටයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles