ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ඇඳුම එළිදකී

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් සඳහා නවනිල ඇඳුම් එළිදැක්වීම ඊයේ කොළඹ දී සිදු කෙරුණා.

moose සන්නාමයේ යටතේ මෙම එළිදැක්වීම සිදුකරනු ලැබුවා.

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම ීටුවෙන්ටි කණ්ඩායම මෙන්ම කාන්තා ක්‍රිකට් කණ්ඩායම සඳහා ද මෙම නව ඇදුම භාවිතා කෙරෙනවා.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් යොදා ගනිමින් එම ඇඳුම ප්‍රදර්ශනය කිරීමට සංවිධායක වරුන් කටයුතු කර තිබු අතර එය විශේෂ අවස්ථාවක් වුණා.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ට ප්‍රථමයෙන් මෙම නිල ඇඳුම් ප්‍රදානය සිදුකෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඈෂ්ලි ද සිල්වා, moose ආයතනයේ නිලධාරීන්ද ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද මේ අවස්ථාවට සහභාගී වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles