සුඛෝපභෝගීත්වයට මුල්තැන දෙමින් තාල – බෙන්තොට සංචාරක නිකේතනය එළිදකියි

ශ්‍රී ලාංකේය ආගන්තුක සත්කාර විශිෂ්ටත්වයේ නව යුගයක් සනිටුහන් කරමින්, කලින් අවානි – බෙන්තොට ලෙස හැඳින්වුණු සංචාරක නිකේතනය, එහි නව සන්නාමය තාල බෙන්තොට නමින් සාඩම්බරයෙන් එළිදක්වනු ලැබුවා.

රිද්මය, සොබාදහම සහ සුඛෝපභෝගීත්වය එකට බැඳුනු තෝතැන්නක් ලෙස අමතක නොවන අත්දැකීමක් එක්කරගැනීමට මෙමගින් ඔබට අවස්ථාව හිමිවනවා.

මෙම නව වෙනස ලෝකයම පිළිගත් ගුණාත්මක සේවාවක් සහ උණුසුම් ආගන්තුක සත්කාර ලබාදීමට හැකිවන පරිදි නිර්මාණාත්මක සංකල්ප මගින් එළිදැක්ව තිබීම සුවිශේෂී වනු ඇති.

බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස්හි සාඩම්බර සාමාජිකයෙකු ලෙස තාල – බෙන්තොට, එම කීර්තිමත් සත්කාරක සන්නාමය අර්ථවත් කරන විශිෂ්ටත්වයේ සංකේතය ලෙසද අපි ඔබට ඉහල තක්සේරුවක් ලබාදෙනවා.

තාල – බෙන්තොට, ජෙෆ්රි බාවාගේ සදාතනික ගෘහ නිර්මාණ ශිල්පයේ අභාෂයෙන්, වඩාත් සිත්ගන්නා සුළු ලෙස මූර්තිමත් කරනවා.

මෙම අවස්ථාව ඇමතූ LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ කළමනාකාර අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී කපිල ජයවර්ධන මහතා සිය අදහස් මෙලෙස දැක්වුවා.
“මෙම පරිවර්තනය, ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය යළි නිර්වචනය කිරීම සඳහා අමුත්තන්ගේ අත්දැකීම් අඛණ්ඩව ඉහළ නැංවීමට අපගේ කැපවීම පිළිබිඹු කරයි. තාල – බෙන්තොට සොබාදහම සහ රිද්මය එකට මුසුකිරීමේ අපේ දැක්ම සංක්‍ෂිප්ත කර දක්වයි. මෙය හුදෙක් නිකේතනයේ නම වෙනස් කිරීමක් පමණක් නොවේ. එය අපගේ අමුත්තන්ට සුවිශේෂී සහ තෘප්තිමත් අත්දැකීම් සමුදායක් ලබාදෙන අප ගමන්මගේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. සංචාරක ක්ෂේත්‍රයේ විශ්වසනීය නාමයක් වන බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස් රැකවරණය යටතේ වඩාත් පුළුල් ගෝලීය සංචාරක ක්ෂේත්‍රය තුළ, තාල – බෙන්තොට ප්‍රමුඛ ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීම අපගේ අරමුණයි.”

එම අදහස් දැක්වීමට බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස් සමූහ සාමාන්‍යාධිකාරී එක්සත් විජේරත්න මහතා සිය සංකල්පය වචනයට නැගුවේ මෙලෙසින්.

තාල – බෙන්තොට, මේ පාරාදීස දිවයින තුල සංචාරකයන්ට විශිෂ්ට අත්දැකීමක් ලබාදෙමින්, ශ්‍රී ලංකාවේ ස්වභාව අලංකාරය සාඩම්බරයෙන් ඔවුන් වෙත පිරිනමයි. සෑම අමුත්තෙකුටම ජීවිත කාලය පුරා රැඳෙන ආදරණීය මතකයන් සමඟ නික්මෙන බව සහතික කරන විශිෂ්ට සේවාවක් නිර්මාණය කිරීමට තාල – බෙන්තොට අපගේ කාර්ය මණ්ඩලය සූදානම්. නවාතැනට වඩා වැඩි යමක් අපි පිරිනමමු. විචිත්‍රවත් සංස්කෘතිය හා අනුනාද දෙන අපේ රටේ සාරයන් විදහා දක්වන පරිසරයක් අප නිර්මාණය කර ඇත්තෙමු. හොඳම දෑ හුරුපුරුදු හැඟීමෙන් භුක්ති විඳිමින්, මෙම ආදරණීය නිකේතනයේ පුනරෝදය සැමරීම සඳහා වැඩිදියුණු කල රිද්මයානුකූල ජීවයෙන් අපේ අමුත්තන් පිළිගනිමු. තාල – බෙන්තොට වෙත ගෝලීය සංචාරකයන් පිළිගැනීමට අපි බලා සිටිමු.”

ශ්‍රී ලංකාවේ වඩාත්ම ලාභදායී විවිධාංගීකෘත බහුජාතික සමූහ ව්‍යාපාරය වන LOLC සමූහයේ සංචාරක හස්තය වන ‘බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස්’ 2009 වසරේ සිට ශ්‍රී ලාංකේය විවේක සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කරනු ලබනවා.

මාලදිවයින සහ මොරිෂස් වෙත තම සේවා පුළුල් කිරීමත් සමඟ LOLC සමූහය එම වෙළෙඳපොළවල විශාලතම සංචාරක දේපල හිමිකරුවෙකු බවට පත්වෙමින් සිටිනවා.

දිවයින පුරා ස්ථාපිත සුවිශේෂී හෝටල් සමූහයක් සමඟින්, ‘බ්‍රවුන්ස් හොටෙල් ඇන්ඩ් රිසෝට්ස්’ අමුත්තන්ගේ උපරිම සුවපහසුව සහතික කරලීම උදෙසා කැපවී සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles