ඩොලරය තවත් පහළට | 300 ↓

ශ්‍රී ලංකා මහ බැංකුව අද (29) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 289.89 ක් හා විකුණුම් මිල රු. 303.26 ක් ලෙසින් සටහන් වුණා.

මේ අතර අද දිනයේ දී එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 299.11 ක් ලෙසිනුයි වාර්තා වන්නේ.

2022 අප්‍රේල් 08 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 300 සීමාවෙන් පහළට පැමිණි පළමු අවස්ථාව මෙය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගයයි.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2023 වසරේ මැයි 26 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 19.8 කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles