කොළඹ අලුත්ම සුපිරි හෝටල් 3ක් ඔක්තෝබරයේ දී විවෘත කරයි

කොළම ගාලුමුවදොර ඉදිකෙරුණු අලුත්ම සුපිරි හෝටලයක් වන ITC One Colombo සහ තවත් හෝටල් දෙකක් වන Sheraton සහ Radisson Blu යන හෝටල් එළඹෙන ඔක්තෝබර් මාසයේ දී විවෘත කිරීමට නියමිතයි.

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පසුගිය 19 වනදා හිල්ටන් හෝටල් සමූහයේ අති සුඛෝපභෝගී හෝටලය වන හිල්ටන් යාල රිසෝර්ට් (Hilton Yala Resort) හෝටලය විවෘත කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් මේ බව සදහන් කළා.

ශ්‍රී ලංකාව තුල දලවශයෙන් සංචාරකයෙක් ඩොලර් 180ත් 200ත් අතර ප්‍රමාණයක් වියදම් කරන අතර සංචාරක අමාත්‍යංශයේ අරමුණ වී ඇත්තේ නිසි මාර්ගෝපදේශයක් යටතේ හෝටල් ක්ෂේත්‍රය ඉහලට ඔසවා තැබීමයි.

ශ්‍රී ලංකාව හදවතේ ඇති සන්නාමයක් ලෙස ප්‍රවර්ධනය කර 2030 වන විට සංචාරකයන් මිලියන 4ක් ගෙන්වා ගැනීම සංචාරක අමාත්‍යංශයේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles