තැඹිලි අපනයන ගම්මානයකට යෝජනාවක්

ශ්‍රී ලංකා තැඹිලිවලට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ පවතින ඉල්ලුම සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඒ අනුව, 2023 වසරේ මේ වනවිට මෙරට වගා කරන තැඹිලි අපනයනය 117%කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා පොල් සංවර්ධන අධිකාරිය පවසනවා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (31) පොල් සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන අධිකාරිය යන ආයතනවල නිලධාරින් සමග මෙරට පොල් වගාව සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග හා මෙතෙක් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කර තිබුණා.

මෙතෙක් වැවිලි බෝගයක් ලෙස වගා නොකළත් මෙරට වගා කර ඇති තැඹිළි සඳහා මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඉහළ ඉල්ලුමක් පවතින අතර, 2022 වසරේ තැඹිලි ගෙඩි මිලියන 11ක් අපනයනය කර ඇති අතර ඉන් රුපියල් මිලියන 110ක ආදායමක් උපයා තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ මෙතෙක් අපනයනය කර ඇති තැඹිලි ගෙඩි ප්‍රමාණය මිලියන 14ක් වන අතර, ඉන් උපයා ඇති ආදායම රුපියල් මිලියන 140ක්.

එමෙන්ම මෙම වසර තුළ අපනයනය කර ඇති තැඹිළි ගෙඩි ප්‍රමාණය 117%කින් ඉහළ ගොස් තිබෙන බව සඳහන් වනවා.

තැඹිලි, වගාවක් වශයෙන් තවමත් අපේ රටේ ප්‍රචලිත වී නොමැති වීම හේතුවෙන්, පාංශු පරීක්ෂාවක් සිදුකර තැඹිලි වගාවට උචිත ප්‍රදේශයක් හදුනාගෙන එම ප්‍රදේශය තැඹිලි වගා අපනයන ආදර්ශ ගම්මානයක් ලෙස නම් කර තැඹිලි වගාව ප්‍රචලිත කිරීමේ වැඩ පිළිවෙළක් ලබන වසර තුළ ආරම්භ කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් සංවර්ධන අධිකාරිය, පොල් පර්යේෂණායතනය හා පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් දී තිබුණා.

අමාත්‍යවරයා ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනයට වැඩිදුරටත් උපදෙස් දී තිබුණේ, ඉහළ රසයකින් යුක්ත හා ආකර්ශණීය මෙන්ම කෙටි කළකින් ඵල දරණ නව තැඹිළි විශේෂයක් හඳුන්වා දීම සඳහා පර්යේෂණ ආරම්භ කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles