කොටස් වෙළෙඳපොළේ දෛනික පි​රිවැටුම බිලියන 11ක සීමාව ඉක්මව​යි

කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටු​ම් අද (07) පෙරවරුවේදී රු. බිලියන 11 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

එහිදී ගනුදෙනු ආරම්භවී පළමු මිනිත්තුව ඇතුළත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දැවැන්ත කොටස් ගනුදෙනුවක් සිදුවූ අතර ඒ හරහා රු. බිලියන 11.28 ක පිරිවැටුමක් වාර්තා වුණා.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 7 වැනි ස්ථානයට විශාලතම කොටස් හිමියාවූ Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C විසින් තමන් සතුව තිබූ 61,904,939 ක කොටස් ප්‍රමාණයක් මෙහිදී අලෙවි කර තිබුණා.

එය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්හි ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 4.5% ක ප්‍රමාණයක් බවද සඳහන්.

මෙය Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C හි අභ්‍යන්තර කොටස් හුවමාරුවක් බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළා.

එමෙන්​ම මෙය විදෙස් පාර්ශව දෙකක් අතර සිදුවූ ගනුදෙනුවක් බවටද වාර්තා වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles