අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක මිල පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 295.43ක් ලෙස ඉහළ ගොස් ඇති අතර සහ විකුණුම් මිල රු. 305.39 ක් ලෙස පහළ ගොස් තිබෙනවා.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙන්,

මහජන බැංකුව – රු. 293.46 – රු. 303.39

සෙලාන් බැංකුව – රු. 293.75 – රු. 304.25

කොමර්ෂල් බැංකුවේ – රු. 292.73 – රු. 302.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 296.00 – රු. 304.00

එන්.ඩී.බී. (NDB) – රු. 292.75 – රු. 303.75

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.293.00 – රු. 305.00

ලංකා බැංකුව – රු. 296.75 – රු. 304.75

අමානා බැංකුව – රු. 297.25 – රු.302.75

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles