ITC රත්නදීප විවෘත කෙ​රේ

ITC රත්නදීප හෝටලය ඇතුළු සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා.

ඉන්දියාවේ ITC හෝටල් සමූහය, ඉන්දියාවෙන් පිටත ඉදිකළ ඔවුන්ගේ පළමු සුඛෝපභෝගි හෝටලය වීම ද විශේෂත්වයක් වනවා.

සුඛෝපභෝගී කාමර 352 කින් සමන්විත මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක්.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම අහස් පාලමේ අති සුඛෝපභෝගි පිහිනුම් තටාක දෙකක්ද ඉදිකර තිබෙනවා.

රත්නදීප ව්‍යාපෘතිය අති නවීන අංගෝපාංගවලින් සමන්විත අලංකාර උත්සව ශාලා 5කින්ද සමන්විතයි.

ගාලු මුවදොරට අලංකාරයක් එක් කරමින් අක්කර හයකට ආසන්න වපසරියක ඉදිකර ඇති මෙම ව්‍යාපෘතියේ උසම ගොඩනැගිල්ල තට්ටු 48කින් සමන්විත වන අතර එහි උස මීටර් 224ක් වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles